ගිණුම්කරණ පරිසර සාධකවල වෙනස්වීම් මත ගිණුම්කරණයේ වෙනස්වීම් හා ප්‍රවණතා සිදුවන ආකාරය.

ගිණුම්කරණ පරිසරය යනු ආයතනයක ගිණුම්කරණයට බලපාන වටා පිටාව හෝ සාධක වේ. ගිණුම්කරණ පරිසරය ප්‍රධාන වශයෙන් දෙකොටසකට බෙදී යයි;

  1. අභ්යන්තර පරිසරය:- ව්යාපාරයක අභ්යන්තර කළමනාකරණය මඟින් පරිසරය පාලනය කළ හැකිය
  2. බාහිර පරිසරය:- බාහිර පරිසරය යනු ව්‍යාපාරයේ පුද්ගලයින්ගේ පාලනයෙන් තොර වන පරිසරයයි 

අභයන්තර ගිණුම්කරණ පරිසරය නම් ව්‍යාපාර කළමනාකරුවන්ට පාලනය කළ හැකි පරිසරය.

අභ්යන්තර ගිණුම්කරණ පරිසර පාර්ශවයන්ගේ බලපෑම:

  •  කළමනාකරුවන්
  • සේවකයින්
  • කොටස් හිමියන්
  • ව්‍යවසාය ස්වභාවය සහ සංස්කෘතිය

බාහිර පරිසරය යනු ව්‍යාපාරයේ පුද්ගලයින්ට පාලනය කළ නොහැකි වටපිටාවකි. බාහිර පරිසරයේ පර්ශව කරුවන්;

  1. නීතිමය පරිසරය
  2. ආර්ථික හා දේශපාලන පරිසරය
  3. සමාජ හා සංස්කෘතික පරිසරය
  4. ශිල්පීය හා වෘත්තීය පරිසරය
  5. තාක්‍ෂණික  පරිසරය
  6. ස්වභාවික පරිසරය

නීතිමය පරිසරය
සෑම ආයතනයක්ම එම ආයතනයට සහ රටේ පොදුවේ සෘජුවම අදාළ වන නෛතික අවශ්‍යතාවයන්ට අනුකූල විය යුතුයි. ඒ සඳහා සෘජුවම අදාළ වන සමහර නීතිමය අවශ්‍යතා පහත පරිදි වේ.

  • ව්‍යාපාර ආඥා පනත
  • 1890 හවුල් ආඥා පනත
  • 2007 අංක 07 දරණ සමාගම් පනත
  • පාරිභෝගික ආරක්ෂණ පනත
  • 2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත
  • 2002 අංක 14 දරන වැට් බදු පනත
  • 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බද්ද

ආර්ථික හා දේශපාලන පරිසරය ගිණුම්කරණ ක්‍රියාවලියට සෘජු ලෙස බලපායි. ආර්ථික හා දේශපාලන පරිසරයේ වෙනස්කම් ව්‍යාපාර වලට මෙන්ම ගිණුම්කරණ ක්‍රියාවලියට ද බලපායි.

උදාහරණ වශයෙන්

  • විදේශ විනිමය වෙනස් වීමේ බලපෑම්
  • රජයේ බදු ප්‍රතිපත්ති වල බලපෑම
  • පොලී අනුපාත වෙනස් වීමේ බලපෑම්
  • සංස්ථා පෞද්ගලීකරණය
  • ජාත්‍යන්තර ආර්ථික අවපාතයේ බලපෑම්
  • රටේ බලවත් නායකයින්ගේ වෙනස්කම් වල බලපෑම්

සමාජීය හා සංස්කෘතික පරිසරය

රටේ සමාජ හා සංස්කෘතික වටිනාකම් ආයතනයට බලපානු ඇත. සමහරු විශ්වාස කිරීම, හැසිරීම, ආකල්ප 'සෘජුවම හෝ වක්‍රව ආයතනයේ ක්‍රියාකාරිත්වයට බලපායි. උදාහරණ වශයෙන්

  • ජනගහන ව්යුහයේ, සමාජ හා සංස්කෘතික වටිනාකම් වල වෙනස්කම්
  • සමහර අවස්ථා, ප්‍රාදේශීය උත්සව ව්‍යාපාර කෙරෙහි බලපෑම් කරයි. උදා;
    • සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය නව රෙදි සඳහා ඇති ඉල්ලුම වැඩි කරයි. ආහාර සහ රතිංඥා
    • වෙසක් සමයේදී වෙසක් කාඩ්, තෙල් පහන, තෙල් ඉල්ලුම වැඩි වේ.

ශිල්පීය හා වෘත්තීයමය පරිසරය

අද වන විට ගිණුම්කරණය වෘත්තියක් ලෙස පවතී. ශ්‍රී ලංකාවේ වෘත්තීය ගිණුම්කරණ පරිසරය පාලනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (ICASL).

ICASL විසින් නිර්දේශ කරනු ලබන ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව ශ්‍රී ලංකාවේ සංවිධාන වල මූල්‍ය ප්‍රකාශන සකස් කළ යුතුය.

තාක්‍ෂණික පරිසරය

අද ලෝකයේ තාක්‍ෂණික වෙනස්කම් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී. එම නිසා තාක්‍ෂණයේ දියුණුව ව්‍යාපාරයට විශාල බලපෑමක් කර ඇත. උදාහරණ වශයෙන් පරිගණක ගත ගිණුම්කරණ ක්‍රමයක් භාවිතා කිරීම මුල්‍ය ප්‍රකාශන සකස් කිරීම වඩා පහසු කරයි.

ස්වාභාවික පරිසරය

ස්වාභාවික පරිසරයේ වෙනස්වීම් නිසැකවම ව්‍යාපාරයට බලපායි. එයට ස්වාභාවික සම්පත්, කාලගුණය, දේශගුණික තත්ත්වයන්, වරාය පහසුකම්, තෙල්, මුහුද, ගංගා, වර්ෂාපතනය වැනි භූ ලක්ෂණ ඇතුළත් වේ. සෑම ව්‍යාපාර ඒකකයක්ම යමක් කිරීමට පෙර මෙම සාධක සොයා බැලිය යුතුය.

අ. පො. ස. (උ.පෙ) - ගණකාධිකරණය පන්තිය. මසකට රු. 10/=, පැය 24 පුරා ගුරුවරයාගේ සහාය. 

ලියාපදිංචි වන්න

රියදුරන් සහ මගීන් අකණ්ඩව සමායෝජනය කිරීමේ ව්‍යාපෘතිය.
www.heytaxi.net - The Cyber Taxi Park

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here